ලූවර් කෞතුකාගාරයෙන් සොරකම් කළ මිල කළ නොහැකි ආභරණ ටික මෙන්න [PHOTOS]
අධි ආරක්ෂාවක් යටතේ පවතින ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේ මිල කල නොහැකි අභරණ තොගයක් පසු ගිය දා සොරකම් කර තිබේ.
කෞතුකාගාරය අමුත්තන්ට විවෘත කිරීමෙන් ටික කලකට පසු, වෙස්මුහුණු පැළඳ සිටි සැකකරුවන් පිරිසක් මෙලෙස මෙම සොරකම කර බවට වාර්තා වේ.
ඒ අනුව ලූවර් කෞතුකාගාරයේ තැන්පත් කර තිබියදී පැහැරගත් මිල කළ නොහැකි ආභරණ තොගය මේ වන විට නම් කර තිබෙනවා.
මිනිත්තු 4ක පමණ කාලයකදී මෙලෙස පැහැරගෙන ගොස් තිබූ ආභරණ අතරට තෙවැනි නැපොලියන්ගේ බිරිද වූ ඉයුජින් ආර්යාවට අයත්ව තිබූ ඔටුන්නක් සහ හාරිච්චියක්, මාරි ලුයී ආර්යාවට අයත් වූ මරකත මාලයක් සහ කරාබු යුගලක්, මාරි අමේලියා රැජිනට සහ හෝට්නස් රැජිනට අයත්ව තිබූ ඉන්ද්‍රනීල ඔටුන්නක්, මාලයක් සහ කරාබුවක්, සහ තවත් හාරිච්චියක් අයත් වේ. කෙසේවෙතත් එම ස්ථානයේ බිම වැටී තිබියදී ඔටුන්නක් සහ තවත් ආභරණයක් සොයා ගෙන ඇත.
ලොව විශාලතම කෞතුකාගාරය මෙන්ම ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම ඇතුළු ඉතා වටිනා කෞතුක භාණ්ඩ 35,000කට අධික ප්‍රමාණයකට නිවහන වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝකප්‍රකට ලූවර් කෞතුකාගාරයේ දී ඊයේ (19) මෙම මංකොල්ලයක් සිදුව තිබුණි.
ලූවර් කෞතුකාගාරය නැරඹීම සඳහා පසුගිය වසරේ පමණක් මිලියන 8.7ක පිරිසක් පැමිණ ඇති අතර, එය එම වසරේ ලොව වැඩිම සංඛ්‍යාවක් නරඹනු ලැබූ කෞතුකාගාරය ද වේ.




