පස් කණ්ඩියට යට වී පුද්ගලයෙක් මරුට
By Mithu
පේරාදෙණිය, සූරියගොඩ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ අවිවාහක පුද්ගලයෙකු විශාල පස්කන්දියකට යටවී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය අය සූරියගොඩ පන්විලවත්තේ පදිංචි පියදාස (73) නම් අවිවාහක පුද්ගලයෙකි. පොලිසිය සඳහන් කළේ, එම පුද්ගලයා දින කිහිපයක් පෙනෙන්නට නොමැතිවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් විසින් සිදු කළ සොයා බැලීමේදී, නිවස අසල විශාල පස්කන්දියක් කඩා වැටී ඇති බව දැකගැනීමයි.
එහි පස් ඉවත් කිරීමෙන් පසුව ඔහු මිය ගොස් සිටි බව හමු විය. මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිදු කරන ලද අතර, පසුව භූමදාන කටයුතු සඳහා ඔහුගේ පවුලේ ඥාතීන්ට භාර දෙන ලදී.