මෙහෙමත් වෙළෙන්දෝ උම්බලකඩ විකුනන මුවාවෙන් අයිස් විකුණලා
තංගල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිළධාරින් විසින් උම්බලකඩ වෙළෙන්දකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ළග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22.280ක් ළඟ තබාගෙන සිටි බව පොලිසිය සඳහන් කරයි.
පොලිසිය පැවසුවේ, සැකකරු මෙම මත් ජාවාරම උම්බලකඩ වෙළෙදාම මඟින් සිදුකරන බවට ලැබුණු තොරතුරක් අනුව අදාළ වැටලීම සිදු කෙරූ බවයි.
ඒ අනුව 28 හැවිරිදි මෙම සැකකරු, කුඩාවැල්ල බටහිර මෝදරවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පසුව සැකකරු, මත්ද්‍රව්‍ය සමඟ, තංගල්ල මූලස්ථාන පොලිසියට බාර දී තිබේ.
සැකකරුවා අද (20) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.