සුරාබදු ලොක්කාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් නිලධාරීන් කුපිත වේ - දැඩි විරෝධයක්

Report

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා පසුගියදා (17) දින කොළඹ පැවති සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමය හැත්තෑ හතර වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී කරන ලද කතාවක් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන කීපයක් විසින්ම ප්‍රචාරය කරනරන ලදී.

එහිදී ඔහු සඳහන් කළ කරුණු අතර මෙම සභාව තුළ සිටින නිලධාරීන් 80% වැඩි පිරිස් අක් දුෂණයට හේතුවන කොටසකට සම්බන්ධ බව පෙත්සම් ඇත යනුවෙන්ද ප්‍රකාශයක් සිදු කර තිබේ.

එවැනි ප්‍රකාශයන් හේතුවෙන්  සුරාබදු වෘත්තීය සමිති එකමුතුව දැඩි විරෝධය පළ කර තිබේ. එහි දැක්වෙන්නේ, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන 20% - 30% අතර ප්‍රමාණයක් දූෂිත නම් දෙපාර්තමේන්තු ආදායම් ඉලක්කය අබිබවා එය 107% ක් දක්වා ඉහළ බව ප්‍රකාශ කරේ කෙසේද? යන්නය.

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි නීතිඥ තාරකට දැඩි විරෝධය - නීතිඥ සංගම් කමිටුවෙනුත් අස්වෙයි

එකී කරුණු අනුව සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් කරන ලද ප්‍රකාශ පදනම් විරහිත හිතළුවක් බවට සහ සුරාබදු නිලධාරීන් අපහසුතාවයට පත් කිරීම සඳහා රාජ්‍ය පාලනය හා බදුකරනය සම්බන්ධ නොදැනුවත්කම මත කරන ලද ප්‍රකාශයක් බවට සිය වෘත්තීය සමිති එකමුතුවේ විධායක සභාව තීරණය කර ඇති බවද පෙන්වා දෙයි.

ආරක්ෂක ඇමති සියල්ල හෙළි කරයි - පාතාලෙට සම්බන්ධ දේශපාලකයෝ සෙට් එකක් ඉන්නවා

ආරක්ෂක ඇමති සියල්ල හෙළි කරයි - පාතාලෙට සම්බන්ධ දේශපාලකයෝ සෙට් එකක් ඉන්නවා

එහෙයින් මෙම ප්‍රකාශ කිරීම් සම්බන්ධයෙන් හෙට (21) දිනයේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා හමුවී දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර අදාළ ප්‍රකාශය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටීමටත් විධායක සභාව තීරණය කළ බව දැනුම්දෙයි.

ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න

ජනප්‍රිය රංගන ශිල්පියා හදිස්සියේම අතුරුදහන් දැක්කොත් වහාම දැනුම් දෙන්න

එසේ නොවන්නේ නම් ඊට එරෙහිව ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බවද සඳහන් කරයි

GalleryGallery