විශ්ව විද්‍යාලය සිසුවියට ලිංගික හිරිහැර කල පුද්ගලයාට ඇප
ඉකුත් 18 වන දා මොරටුව මූලස්ථාන පොලිසිය විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ රියැදුරෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 25 හැවිරිදි සිසුවියකගේ සිරුර අනවශ්‍ය පරිදි ස්පර්ශ කිරීමට උත්සාහ කළ බව කියන චෝදනාවට අදාලවය.
අත්අඩංගුවට ගත් රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත නිදහස් වී ඇත.
මෙම සිසුවිය විශ්ව විද්‍යාල භූමියේ ගේට්ටුව ආසන්නයේ ගමන් කරමින් සිටියදී, එක්වරම කඩා වැදුණු පුද්ගලයකු ඇයගේ සිරුර අතපත ගා පලා ගොස් තිබූ අතර පසුව විශ්ව විද්‍යාලයේ සවිකර ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව මෙම සිදුවීම සිදුකර පලා ගිය පුද්ගලයා විශ්ව විද්‍යාලයේම සේවය කරන රියැදුරකු බවට පොලිසිය විසින් හඳුනාගෙන ඇත.
පසුව මෙම සිදුවීම පිළිබඳව සිසුවිය විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ලට අනුව, මොරටුව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.