ස්ටෙෆනිට බන්ධනාගාර තානාන්තරය ලැබුණු සුදුසුකම හෙළිවේ - හිටපු නි.පොලිස්පති චම්පිකගෙන් අනාවරණයක්
මේ දවස්වල බොහෝ දෙනෙක් කතාබහ කරන චරිතයක් තමයි ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ.ඇයට බන්ධනාගාරයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් තනතුරක් ලැබී ඇති බවට සමාජ මාධ්‍යවල පුවත් සංසරණය විය.
ඒ සමගම බොහෝ දෙනෙක් ඇය මේ තනතුරට ගැලපෙනවද නැද්ද පිළිබඳව අදහස් පළ කර තිබුණි. ඒ අනුව ඇය ගැන කියන්නයි මේ සූදානම.ස්ටේෆනි ඉපදෙන්නේ කුවේට් වල ඊට පස්සේ එහෙ යුද්ධ නිසා ඒගොල්ලෝ ලංකාවට එනවා.
ඇගේ මව ලෙබනන් ජාතික කාන්තාවක් පියා ශ්‍රී ලාංකිකයි.පසුව මුලික අධ්‍යාපනය ලංකාවෙන් ලබාගෙන ස්ටේෆ්නි යනවා ඉතාලියට සහ කැනඩාවට. කැනඩාවේ Concordia University in Montreal කියන විශ්ව විද්‍යාලයට.
ඇය එහිදී Journalism, Communications and Political Science (දේශපාලන විද්‍යාව, ජනමාධ්‍යවේදය සහ මහජන සංනිවේදනය) පිළිබඳව උපාධිය ලබාගන්නවා. ඊට පස්සේ ස්ටේෆ්නි ලංකාවට එනවා.
ඇවිත් එයා පදනමක් පිහිටවනවා ලංකාවේ අපයෝජනයට ලක් වෙන ගැහැණු දරුවන් වෙනුවෙන් සහ ඔවුන් වෙනුවෙන් පෙනිසිටින්න. ඒක අමතරව ඇය බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන් රැසකට පිහිටක් සරණක් වූ තැනැත්තියක් බව අනාවරණය වේ.
ඒ අනුව ඇය මෙම තනතුරට කොයි තරම් සුදුසුකම් ලබන්නේ ද සම්බන්ධයෙන් ඇගේ පියාගේ සහෝදරයෙක් වන විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පොලිස් පොලිස්පති චම්පික සිරිවර්ධන මහතා සටහනත් එක්කොටට තිබුණි. ඔහු එලෙස පල කෙරූ අදහස් පහතින් උපුටා දක්වා ඇත.
"Stephanie Siriwardhana මාගේ සහෝදරයාගේ දියණියයි මෙම පත් කිරීමට වසර දහයකටත් පෙර සිට. ඇය බන්ධනාගාර කොමසාරිස් වරුන් හමුවී බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන්ගේ මානසිකත්වය ඉහල නැංවීමට සහ ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ විශේෂයෙන්ම සනිපාරක්ෂක තුවා, රැඳවියන්ට වෘත්තීය පුහුණුව සඳහා උපකරණ ආදිය බන්ධනාගාර වලට ගොස් ලබාදුන් දියණියකි. තවද ඔවුන් වෙනුවෙන් සංගීතමය වැඩසටහන් පවා සංවිධානය කළ අයෙකී.
තවද සුළු වැරදි කර මුදල් ගෙවා ගත නොහැකිව බන්ධනාගාර ගත වී සිටි අසරණ කාන්තාවන් නිදහස් කර ගැනීමට තමන්ගේ පෞද්ගලික ධනය වියදම් කර ඔවුන්ට නිදහස ලබා දුන් අයෙකි. මෙම පත්කිරීම සම්බන්ධව විවිධ මත පළ වී තිබුණත් විශේෂයෙන්ම බන්ධනාගාර ගත වී සිටින කාන්තාවන් සම්බන්ධව සොයා බලා එම ගැටලු බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ස්වෙච්ඡාවෙන් කටයුතු කළ අයෙකි එවැනි අයෙක් මෙවැනි තනතුරකට පත්කිරීම සුදුසුද නැද්ද යන්න ජනතාව තීරණය කළ යුතුය. අපක්ෂපාතී විය යුතුය දේශපාලනයෙන් තොර විය යුතුය නිරපරාදේ තරුණියකගේ චරිතය ඝාතනය වන ලෙසට අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි. මම stephanie ගේ බාප්පා. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන"