හෝටල් කාමරෙන් හමු වුන දේ

By Hashan May 15, 2025 05:35 AM GMT
Report

සීගිරිය  ප්‍රදේශයේ හෝටලයක තිබී ගිනි අවි සදහා යොදන උණ්ඩ 40 ක් සොයා ගෙන තිබෙනවා.

අදාළ උණ්ඩ මිලිමීටර් 9 වර්ගයේ ඒවා බවයි පොලිසිය සඳහන් කර සිටියේ.   

හෝටලයේ කළමණාකාරවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් තිබෙනවා .පසුව සිදු කළ සෝදිසි කිරිමකට අනුව අදාළ උණ්ඩ සොයා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.   

වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී

වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී

කෙසේ වෙතත් අදාළ උණ්ඩ හොටල් කාමරයේ තබා ඇති අල්මාරිය තුළ දමා තිබු කුඩා පෙට්ටියකින්  හමු වූ බවයි පොලිසිය සඳහන් කර සිටියේ.   

කවුරුන් විසින් හෝ මෙම උණ්ඩ තොගය එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට යි පොලිසිය සැක පළ කරන්නේ