තරුණයෙක්ට කළ වැඩකින් පොලිස් ලොක්කො 04 දෙනෙකුගේ වැඩ තහනම් කරයි..

Report

මාතර මාලිම්බඩ පොලිස් ස්ථානයේදී අත්අඩංගුවේ පසුවන සැකකරුවෙකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවකට අදාළව පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර තිබේ.

අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනි ගනී.. (PHOTOS)

අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනි ගනී.. (PHOTOS)


වැඩ තහනමට ලක්වූ නිලධාරීන් අතර වීරකැටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති (OIC), තංගල්ල අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, කඹුරුපිටිය පොලිසියේ සුළු අපරාධ අංශයේ ස්ථානාධිපති සහ ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන සැරයන්වරයෙකුද වන අතර ඔවුන් දැනට ඇප මත නිදහස්ව සිටියි.

ඩිල්ෂාන් මධුසංඛ නම් තරුණයෙකු අත්අඩංගුවට ගෙන දින හයක් රඳවා තබාගෙන වධහිංසා පැමිණවීම මෙම නඩුවට ඇතුළත් ය.

පාසලක බිහිසුණු වෙඩි තැබීමක්..10ක් මරුට..(PHOTOS)

පාසලක බිහිසුණු වෙඩි තැබීමක්..10ක් මරුට..(PHOTOS)


පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් කරන ලද විමර්ශනයකින් අනතුරුව නීතිපතිවරයා එම නිලධාරීන්ට එරෙහිව අධිචෝදනා ගොනු කළේය.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් නියම කරමින් මාතර මහාධිකරණය එම නිලධාරීන්ට පසුගියදා ඇප නියම කළේය.

ඒ රුපියල් 25,000 බැගින් සහ රු. මිලියන 5 බැගිනි.

You May Like This Video