පාසලක බිහිසුණු වෙඩි තැබීමක්..10ක් මරුට..(PHOTOS)

By Aruna Feb 05, 2025 03:14 AM GMT
Report

අධ්‍යාපන මධ්‍යස්ථානයක බිහිසුණු වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන පුවතන් ස්වීඩනයෙන් වාර්ථා වනවා.

තුවාල ලැබූ මුළු සංඛ්‍යාව මේ මොහොත තෙක් නිශ්චිතව පැහැදිලි නොමැති බවයි, ස්වීඩන් පොලිසියේ වෙබ් අඩවිය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ.

ඉදිරි මැතිවරණය ජයග්‍රහණය ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්.

ඉදිරි මැතිවරණය ජයග්‍රහණය ගැන ජාතික ජන බලවේගයෙන් ප්‍රකාශයක්.


තුවාල ලැබූවන් සිසුන් ද ගුරුවරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

බවයි එරට ආරක්ෂක අංශ පවසා සිටින්නේ, "ගිනි අවියක් හැර" භාවිතා කළ "ආයුධ වර්ගය ගැන කිසිවක් දැනට පැවසිය නොහැකි බවයි.

එමෙන්ම සැකකාර අපරාධකරු මියගිය අයගෙන් එක් අයෙකු විය හැකි බව ද විශ්වාස කරන බව පොලිසිය සඳහන් කරනවා.

ඔහු තනි අපරාධකරුවෙකු යැයි සිතන බවත් විමර්ශනය ඉතා මුල් අවධියේ පවතින බවයි ඔරෙබ්‍රෝ හි ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී රොබර්ටෝ ඊඩ් ෆොරස්ට් පවසන්නේ.

මෙරට සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිලට එකවරම සිදු වූ දේ..

මෙරට සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිලට එකවරම සිදු වූ දේ..


වෙඩි තැබීමෙන් පසු, තවත් ප්‍රහාර එල්ල වේදැයි ආරක්ෂක අංශවලට නිශ්චිතව පැවසිය නොකැකි නිසා ඔවුන් සිසුන් සහ කාර්ය මණ්ඩලය පාසල් ගොඩනැගිලිවල රඳවා ගත් අතර පසුව සිසුන් සහ ගුරුවරුන් ආරක්ෂිත ස්ථානයක් වෙත යොමුකරනු ලැබීය.

පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ, මෙම වෙඩි තැබීම ත්‍රස්තවාදී චේතනාවක් ලෙස සැක නොකරන අතර මිනීමැරුම්, ගිනි තැබීම් සහ දරුණු ආයුධ වරදක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

GalleryGalleryGallery