තවත් ගණිකා නිවාසයක් වටලයි - එහි සිදු වූ දේ..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 14, 2023 01:54 AM GMT
krishani

krishani

Report

ඊයේ (13) ගල්කිස්ස ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලීසිය විසින් වටලනු ලැබීය.

ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි.

එහිදී එම ගණිකා නිවාසය කලමණාකරය කළ කාන්තාවක් සහ ඊට සම්බන්ධ සැකකාරියන් දෙදෙනෙක් මෙලෙස අත් අඩංගුවට පත් විය.

මොවුන් අවුරුදු 27,41 සහ 67 වයස්වල පසුවන අය වන අතර සැකකාරියන් අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.