රුසියාව පෙන්නපු 03කට පොලීසිය කූඩුව පෙන්නලා..

Report

රුසියාවේ ගොවිපොළවල්වල රැකියා ලබාදෙන බව පවසා මුදල් චංචා කළ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුසියාව පෙන්නපු 03කට පොලීසිය කූඩුව පෙන්නලා.. | Police Arrested Three Perosn

මෙලෙස මුදල් වංචා කර ඇත්තේ රුසියාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයින් යොමු කිරීමේ මිනිස් ජාවාරමක් ක්‍රියාත්මක වන පසුබිමක වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්  මොරටුව, කටුබැද්ද, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ රියදුරු පාසලක් පවත්වාගෙන යන මුවාවෙන් පුද්ගලයින් රුසියාවට යවන බව පවසා මුදල් වංචා කර ඇති බව පොලිසිය සදහන් කළේ ය.

ඒ අනුව පුද්ගලයින් 140කට වැඩි පිරිසකගෙන් මොවුන් මුදල් ලබා ගෙන ඇති බව වාර්තා වේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් වහාම නියෝගයක්..(PHOTO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් වහාම නියෝගයක්..(PHOTO)


එහි තිබී ව්‍යාජ ලෙස සකසන ලද ලිපි ලේඛන සහ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍ර 09ක් ද සොයාගෙන ඇත.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අණාවරණය වී ඇත්තේ මෙම සැකකරුවන් විසින් පුද්ගලයෙකුගෙන් අත්තිකාරම් ලෙස රුපියල් ලක්ෂ 06කට වැඩි මුදලක් ලබා ගෙන ඇති බවයි.