ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් වහාම නියෝගයක්..(PHOTO)

Ranil Wickremesinghe Weather Presidential Update Latest Headlines Decision Making
By krishani May 28, 2024 12:03 PM GMT
krishani

krishani

Report

රටේ පැවති අයහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් වහාම නියෝගයක්..(PHOTO) | Immediate Relief To The Affected People

ඒ අනුව ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට එම නිළධාරීන්ට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට මියගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

පසුගිය දිනවල පැවති ආපදා තත්ත්වය මත ඊයේ (27) දිනය වන විට පුද්ගල මරණ 08 ක් වාර්තා වී ඇත.

ඒ අනුව අධික සුළං හේතුවෙන් සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 07 දෙනෙකුද, බෝට්ටුවක් පෙරළීමෙන් එක් පුද්ගලයෙකු ද මිය ගොස් ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

ඔවුන් වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දෙනු ලැබීය.

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක්?. රජය විශේෂ තීරණයකට යයි..


ඒ අනුව මිය ගිය එක් අයෙකු වෙනුවෙන් ආපදා සහන සේවා මධ්‍යස්ථානය මගින් රුපියල් දෙලක්ෂ පනස්දහස බැගින් වන්දි මුදලක් ලබාදීමට නියමිත අතර එහි අත්තිකාරම් වශයෙන් මේ වන විටත් රුපියල් විසිපන්දහස බැගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (27) දිනය වන විට දිවයින පුරා පවුල් 11,326 ක පුද්ගලයන් 42,640 ක් පීඩාවට පත්ව ඇත.

ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇති ජනාධිපතිවරයා එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙසද උපදෙස් දුන්නේ ය.

එම නිවේදනය පහතින් දැක් වේ,

Gallery