අල්ලස් ගත් ග්‍රාම නිලධාරිවරියකට වැඩ වැරදෙයි..

Sri Lanka Police Sri Lanka
By krishani Mar 26, 2023 06:38 AM GMT
krishani

krishani

Report

බොරැල්ල දකුණ ග්‍රාම නිලධාරිවරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට කටයුතු කර ඇති බැවිනී.

එම කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඡන්ද හිමි නාම ලේඛනයට පැමිණිලිකරුගේ හා ඔහුගේ බිරිඳගේ නම් ඇතුළත් කරදීම සඳහා එලෙස රුපියල් 50,000 ක මුදලක් ලබාගත් බවට අනාවරණ වී ඇත.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha