මහා පරිමාණයෙන් පුද්ගලයෙක් අයිස් බෙදලා - ඔහු ලග තිබී හමු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 04, 2022 07:16 AM GMT
krishani

krishani

Report

නාවල් අඩි - මයිලන්කරච්චි ප්‍රදේශයේ මහා පරිමාණයෙන් අයිස් නමැති මත්ද්‍රව්‍ය බෙදාහරින ලද පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත.

එහි දී රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 270ක් පොලිස් භාරයට ගැනුණු අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදල් රුපියල් 34,500ක් සහ ජංගම දූරකතන 02ක් ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වියෙහි පසුවන ඔට්ටමාවඩි 01 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මෙම සැකකරු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදි සිදු කරන ලද පරීක්ෂාවකදිඅදාළ මත්ද්‍රව්‍ය ඔහු සන්තකයේ තිබී සොයාගැනුණේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha