මව ඝාතනය කළ යුද හමුදා සෙබළෙකු වන ඇගේ පුත්‍රයා අත්අඩංගුවට.
Sri Lanka Police
Sri Lanka
By krishani
කැබිතිගොල්ලෑව - අයිතිගෙ වැව ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර අටකට පසු යුද හමුදා සෙබළෙකු වන ඇයගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ 2015 වසරේ ජූනි මස 5 වනදා 50 හැවිරිදි මෙම කාන්තාව නිවස තුළ දී ගෙළ සිරකර ඝාතනය කර තිබිණ.
ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පොලිසිය කළ පුළුල් විමර්ශනයකින් අනාවරණ වූයේ ඝාතනය සිදුකර ඇත්තේ සෙබළ පුත්‍රයා විසින් බව ය.
ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක යුද හමුදා කඳවුරේ සේවය කළ සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
