කාන්තාවකට අත් විලංගු දා පහර දෙමින් පොලිසියට රැගෙන ආ සැරයන් - නළලෙන් රුධිරයත් වහනය වෙලා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 16, 2023 05:15 AM GMT
krishani

krishani

Report

කාන්තාවකට පහර දී තුවාල සිදු කළ පොලිස් සැරයන්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.

ඒ වත්තල පොලීසිය විසින් ය.

පොලිසිය සඳහන් කළේ, කුරුඳුවත්ත පොලීසියේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි මොහු රාජකාරී නිමවා නිවසට යමින් සිටිය දී පුද්ගලික ආරවුලක් මත මෙම කාන්තාවට අත් විලංගු දා මාර්ගය දිගේ පහරදෙමින් පොලිස්ථානයට ඇදගෙන පැමිණ ඇති බවයි.

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේ දී කාන්තාවගේ නළලේ රුධිරය වහනය බව දැක ඇත.

කෙසේ වෙතත්, පොලිස් ස්ථානාධිපතිවරයාගේ නියෝග මත ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (16) ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.