සිත්පිත් නැති පියා මල් කැකුළකට උණුවතුර ගහලා.
Sri Lanka Police
Sri Lanka
Hospitals in Sri Lanka
Accident
By krishani
තම කුඩා දරුවාගේ සිරුරට උණු වතුර වත්කළ පියෙකු පිළිබඳව තලවකැලේ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඒ සම්බන්ධයෙන් 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිදුවීමෙන් 03 හැවිරිදි වියේ පසුවන කුඩා පිරිමි දරුවෙකු පිළිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා ලිඳුල රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ (24) සැකකරු බීමතින් නිවස වෙත පැමිණ ඔහුගේ මව සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් මුළුතැන්ගෙය තුළ තිබූ කේතලය ගෙන දරුවාගේ සිරුරට උණුවතුර දමා ඇත.
දරුවාගේ මව කොළඹ ප්‍රදේශයේ නේවාසික රැකියාවක නිරත වන අතර ඒ හේතුවෙන් සැකකරුගේ මව විසින් දරුවා රැක බලා තිබෙන්නේ.
කෙසේ වෙතත්, සැකකරු හෙට (26) නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
