රට සිහින පෙන්වා මුදල් ගැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 12, 2023 03:47 AM GMT
krishani

krishani

Report

ඩුබායි සංචාරක වීසා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 11ක මුදලක් වංචා කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් ය.

ඒ මීගමුව නගර සභාවේ සේවය කරන අඹුසැමි යුවළක් ඩුබායි සංචාරක වීසා මත පිටත් කරන බව පවසමින් ය.

ඔවුන්ව සැකකරු විසින් ව්‍යාජ වීසා බලපත් සහ ව්‍යාජ ගුවන් ටිකට්පත් ලබා දී ගුවන්තොටුපළට රැගෙන විත් තිබෙනවා.

විමර්ශනවල දී හෙළි වී ඇත්තේ, පසුව ඔවුන්ව අසත්‍ය ප්‍රකාශ සිදුකර නැවතත් නිවෙස් වලට පිටත් කර ඇති බවයි.