පොලීසියට පහරදීමක් - හතරකට වැඩ වැරදෙයි.

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Jul 23, 2023 05:55 PM GMT
krishani

krishani

Report

අහංගම පොලිසියේ නිලධාරීන් විසින් නීති විරෝධී මත්පැන් අලෙවි කරන ස්ථානයක් වැටලීමට ගොස් ඇත.

එම අවස්ථාවේ දී එහි ගිය පොලිස් නිලධාරීන්ට සහ ජීප් රථයට සැකකරුවන් 4 දෙනෙකු විසින් පහර දී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

පහර දීමෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

එම පහර දීමෙන් උප පොලිස් පරීක්ෂකවරයාගේ හිසට බරපතල තුවාල සිදු වී ඇත.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ReeCha