පාසලක පවත්වා ගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් වටලයි.

Sri Lanka Police Sri Lanka
By krishani Jul 16, 2023 07:05 AM GMT
krishani

krishani

Report

අද(16) අලුයම, බදුල්ල නගරයේ අරාබි පාසලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් බදුල්ල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් වටලනු ලැබීය.

එම වැටලීමෙන් එළවැස්සියන් හතර දෙනෙකුගේ මස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ස්ථානයට පොලිසිය පැමිණෙන විටදී ද ගවයන් මස්කරමින් සිට ඇත.

එමෙන්ම මස් කිරීමට සූදානම් කර තිබු අවුරුදු 3ක පමණ වන වහුපැටියෙක් බේරාගැනීමට සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිමඩ, බෝගහකුඹුර, බණ්ඩාවෙල, හාලිඇල සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචි අවුරැදු 47,49,39,48 යන වයස්වල පසුවන්නන් වේ.

කෙසේ වෙතත්, විමර්ශනවල දී හෙළි වී ඇත්තේ ඉන් එක් සැකකරුවෙක් මෙම අරාබි පාසලේ අරක්කැමියා බවයි.