තාත්තෙක්ට මෙහෙමත් කරන්න පුලුවන් ද?.. තමන්ගෙම දරු දෙදෙනාගේ ආහාර වලට වස එක් කළ පියෙක් - විමර්ශනවල දී හෙළි වූ දේ..
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
තම දරු දෙදෙනාට වස මිශ්‍ර ආහාර ලබා දී ඝාතනය කිරීමට තැත් කළ පියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පූඩළුඔය පොලීසිය විසින් ය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පූඩළුඔය, හැරෝවත්ත උඩ කොටස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
එකොළොස් හැවිරිදි හා අට හැවිරිදි දරුවන් දෙදෙනාට මෙලෙස ආහාරවලට වස මිශ්‍ර කර ඔහු ද වස පානය කර සිය දිවි නසා ගැනීමට තැත්කර ඇත.
විමර්ශනවල දී හෙළි වූයේ ඔහුගේ බිරිඳ ආරවුලක් මත නිවසෙන් පිටව කොළඹ ප්‍රදේශයට පිටත්ව යාම මෙයට හේතුව බවයි.
මීට පෙර ද සැමියාගේ බීමත්කම හේතුවෙන් ආරවුල් ඇති කරගෙන බිරිඳ නිවසෙන් මෙලෙස පිටව ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, මේ වන විට දරුවන් දෙදෙනා සහ පියා ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
