ජනපති මන්දිරයෙන් හමු වූ දෙයක් ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්.!!!
කොටුව ජනාධිපති මන්දිරයේ තිබී හමුවූ රුපියල් 17,850,000ක මුදලක් කොටුව පොලිස් ස්ථානය විසින් භාරගෙන තිබෙනවා.
ඊයේ සවස ජනාධිපති මන්දිරය තුල තිබී මුදල් ප්‍රමාණයක් හමුවී ඇති අතර එහි ගොස් මුදල් භාරගන්නා ලෙසට කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් දෙන ලද උපදෙස් අනුවයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා නිලධාරීන් කණ්ඩායමක් සමග ගොස් අදාළ මුදල් භාරගෙන ඇත්තේ.
මෙම මුදල් ජනාධිපති මන්දිරය තුල තිබී සිවිල් පුද්ගලයන් අතට පත්වීමෙන් පසු ඒ පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුට දැනුම්දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුවත් වීමෙන් අනතුරුවයි කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා එම ස්ථානයට යොමුකර ඇත්තේ.
ඔහු විසින් සිවිල් පුරවැසියන්ගෙන් නිසි පරිදි මුදල් භාරගෙන රැගෙන විත් අතර දැනට පොලිස් ස්ථානය භාරයේ තබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ හෙට 11 මේ පිළිබඳ අධිකරණය දැනුවත් කිරීමට නියමිත බවයි.
අදාල නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
