බිරිඳගේ නංගි එක්ක අනියම් පෙමින් උපන් බිළිදාට කරපු නරුම වැඩේ..

Sri Lanka Police Sri Lanka
By Aruna Sep 05, 2022 05:04 AM GMT
Aruna

Aruna

Report

* කට්ටි පැන්න සැකකරු අල්ලා රිමාන්ඩ් කරයි

* සැකකරුට අනුබල දුන් බිරිඳට ඇප

තම බිරිඳගේ නැගණියට ඔහුටදාව උපන් දින 12 වයසැති බිළිඳෙකු රුපියල් දසදහසකට විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සැප්තැම්බර් 13 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මොනරාගල දිසාවිනිසුරු හා මහෙස්ත්‍රාත් සජිනී අමරවික්‍රම මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මොනරාගල මොනරකැළේ වත්තේ පදිංචිකරුවෙකි. හෙතෙම තම බිරිඳගේ නැගණිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

ඇයට ලැබුණු දරුවා එම ප්‍රදේශයේම පදිංචිකාරියකට රුපියල් දසදහසකට අලෙවිකර ඇති බව පොලීසියට තොරතුරු ලැබී තිබිණි.

සැකකරු පොලිසියට කට්ටි පනිමින් සිටියදී මාස දෙකකට පමණ පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු මීට පෙර බිරිඳගේ පළමු කසාදයේ දාහතර හැවිරිදි දියණියද දූෂණය කර ඇති බව මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

සැකකරුට අපරාධය සිදුකිරීම සඳහා අනුබල දුන් බිරිඳවද පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ පනස්දාහසක ඇප මත මුදාහැර ඇත.

පොලීසිය භාරයට ගත් දරුවා අධිකරණ නියෝගයක් මත කැප්පෙටිපොළ රැඳවුම් මධ්‍යස්ථානයට යොමුකිරීමට නියමිතය.

මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක පී.එස්. චාමින්ද සංජීව මහතාගේ උපදෙස් පිට පොලිස් සැරයන් 36952 මාරසිංහ මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now