නුවරඑළිය යළි ගොඩ දාන්න එක්වෙන්න - අගමැතිගෙන් ඉල්ලීමක්
දිට්ටා සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදු වූ විශාල විනාශය හමුවේ, පෙර තිබූ තත්ත්වයට වඩා හොඳින්, වඩාත් සුන්දර නුවරඑළියක් ගොඩනැඟීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ අද (13) සිනෙසිටා නගර සභා ශාලාවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය. මෙම සාකච්ඡාවේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය හමුවේ පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සිදු කෙරිණි.
වගාව රක්ෂිතයේ ද නැද්ද යන්න නොසොයා වගා හානි සඳහා වන්දි ගෙවීම් 25ට පෙර අවසන් කරන්න - ජනපතිගෙන් නියෝගයක්
“කුමන අඩුපාඩු තිබුණත්, ඒවා සම්පූර්ණයෙන්ම පිරවෙන තුරු බලා නොසිට තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගෙන ළමුන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කළ යුතුයි”
යැයිද අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවාය.
ආපදාවෙන් පීඩාවට පත් ප්‍රදේශවල ළමුන්ගේ අධ්‍යාපන කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඇය අවධාරණය කළාය.
මෙම අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වන මංජුල සුරවීර ආරච්චි, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, අනුෂ්කා තිලකරත්න යන මහත්මහත්වරුන්, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරී තෙන්නකෝන් මහත්මිය ඇතුළු නිලධාරීන්ගෙන් සහ අධ්‍යාපනඥයින්ගෙන් විශාල පිරිසක් සහභාගී වූහ.
ආපදා තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකට බරපතළ හානි සිදු වී ඇති අතර, රජය විසින් කඩිනම් පියවර ගෙන පාසල් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. මෙම සාකච්ඡාව තුළින් ළමුන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් සහ සැලසුම් සකස් කෙරිණි.