අග්‍රාමාත්‍යවරිය හා ඕස්ට්‍රේලියාවේ සහකාර අමාත්‍යවරයෙකු අතර හමුවක්

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හා ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ සහකාර අමාත්‍ය ජූලියන් හිල් මහතා අතර සාකච්ඡාවක් පැවැත්විය.

ඒ වගේම ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය පරිත්‍යාග කළ ඩොලර් මිලියන තුනයි දශම පහක මූල්‍යමය පරිත්‍යාගයක් කර තිබේ. ඒ සදහා අග්‍රාමාත්‍යවරිය එහිදී සිය කෘතඥතාව පළකර ඇත.

ඒ වගේම අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ ශ්‍ර්‍රී ලංකාව නැවත ගොඩනැගීම කෙරෙහි අවධානය යොමුකර රට යථා තත්ත්වයට පත්කිරීමේ ඊළඟ අදියර ආරම්භ කර ඇති බවයි .

ඒ වගේම මෙහිදී අවධානය යොමු කරනු ලැබූවේ

  • අධ්‍යාපනය
  • ද්වීපාර්ශ්වික සම්බන්ධතා
  • සංවර්ධන සහයෝගීතාව
  • ආර්ථික හා වෙළෙද සම්බන්ධතා

ආදී වූ අංශ සදහාය.

විරෝධතා තීව්‍රතාවයෙන් බල්ගේරියානු රජය ඉල්ලා අස්වෙයි

විරෝධතා තීව්‍රතාවයෙන් බල්ගේරියානු රජය ඉල්ලා අස්වෙයි

ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ සහකාර අමාත්‍ය ජූලියන් හිල් මහතා සදහන් කළේ මෙරට අධ්‍යාපන ප්‍රමුඛතා සහ පුළුල් සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාමේදී විශ්වාසදායක හවුල්කරුවෙක් ලෙසින් අවශ්‍ය සහාය ලබා දෙන බවයි .

දිට්වා නිසා ජනතාවට වඩා විපක්ෂය අසරණ වෙලා - විපක්ෂයට බිමල් දාපු කින්ඩිය

දිට්වා නිසා ජනතාවට වඩා විපක්ෂය අසරණ වෙලා - විපක්ෂයට බිමල් දාපු කින්ඩිය