මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ ශිරාන් බාසික්ට එරෙහි නඩුවට දින නියම වෙයි
By Malith Madushan
කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 11 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
අදාළ නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 11 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කර ඇත.
''කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් තීරණාත්මක තීන්දුවක්'' - සලේගේ වෛද්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු 10 දෙනෙකුට නොතීසි