පිරිවෙන් අධ්‍යාපනයත් පරිවර්තනයකට

Report

පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ 204 වැනි රැස්වීම් වාරය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ මූලිකත්වයෙන් සහ අධ්‍යාපන ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විය.

පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහනායක හිමිපානන් වහන්සේලා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගීවී විය.

අග්‍රාමාත්‍යතුමියගේ අවධානය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පිරිවෙන් අධ්‍යාපන ආයතනවල සිදුකළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ යොමුව තිබේ.

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ ස්මාර්ට් පන්ති කාමර සැකසීම සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සහ ලබා දිය යුතු අනෙකුත් ප්‍රතිපාදන සකස් කිරීම පිළිබඳවත් ඒ සඳහා මානව සම්පත පුහුණු කිරීමේ ක්‍රමවේද පිළිබඳවත් එතුමිය  මෙහිදී  සාකච්ජා කරන ලදි.

නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක්

නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක්

එවගේම පිරිවෙන් අධ්‍යාපනය තුළින් බිහිවන දක්ෂ ශිෂ්‍යයන් ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අග්‍රාමාත්‍යතුමිය සදහන් කර තිබේ.

තවද ඔවුන් එම ක්‍ෂේත්‍රය තුළ රඳවා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් සාකච්ඡාවට ලක් කළ එතුමිය වර්තමාන අධ්‍යාපන පරිවර්තනය පිරිවෙන් අධ්‍යාපනයට ගළපා ගැනීමේ වැදගත්කම පහදා දෙන ලදි.  

සෙව්වන්දිට නීති පොත කපලා තුවක්කුව හංගන් එන්න නීති පොත දුන් නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කරයි

සෙව්වන්දිට නීති පොත කපලා තුවක්කුව හංගන් එන්න නීති පොත දුන් නීතිඥවරිය රඳවාගෙන ප්‍රශ්න කරයි