සෙව්වන්දිට නීති පොත කපලා තුවක්කුව හංගන් එන්න නීති පොත දුන් නීතිඥවරිය රඳවාගෙන ප්රශ්න කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥවරියගෙන් තවදුරටත් ප්රශ්න කිරීම සඳහා පැය 72ක් රඳවුම් නියෝග ලබාගෙන ඇත.
ඉෂාරා සෙව්වන්දිට ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පැමිණි පිස්තෝලය සඟවා රැගෙන ඒම සඳහා දණ්ඩ නීති සංග්රහයේ පිටපතක් ලබාදී ඇත්තේ මෙම කාන්තාව බව හදුනාගෙන ඇත.
මෙම නීතීඥවරිය ඊයේ (28) රාත්රියේ කඩවත ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ මීට අමතරව තවත් පොත් දෙකක් ද ඇය විසින් ලබාදී ඇති බවයි. තවද මේ සම්බන්ධ මූලික පරික්ෂණවලදී නීතිඥවරිය නීතීඥ හැඳුනුම්පත සහ නීතීඥවරුන්ගේ වාහන අවසර පත්රය ද ලබාදී ඇත.
මෙම සැකකාර නීතීඥවරිය ඉෂාරා සෙව්වන්දිට ටයි පටි දෙකක් ද ලබාදී ඇති බව පොලිසිය සදහන් කරයි.
එමෙන්ම පොලිස් විමර්ශනවලදී මෙම නීතීඥවරිය මහර මහේස්ත්රාත් අධිකරණයේ සේවය කර ඇති බව අනාවරණය වී ඇත.