සියල්ල පුදුම කරමින් වෙළඳ පොළට ආපු පියාසර කරන කාර් එක මෙන්න..සියල්ල උඩුයටිකුරු කරයි.

Car Business Technology Playing car
By Aruna Jan 30, 2022 01:48 AM GMT
Aruna

Aruna

Report

කාර් එකක් නැගී පියාසර කිරීමට ඇති සිහිනය ඔන්න දැන් සැබෑ වෙලා.

මේ වනවිට පියාසර කළ හැකි මෝටර් රථවලට ඒ සඳහා නිල අනුමැතිය ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒත් එසේ කිරීමට නම්, රියැදුරු බලපත්‍රයක් පමණක් නොවෙයි, ගුවන් යානා පියසැරි බලපත්‍රයක් ද තිබිය යුතුයි.

කුඩා අහස් යානාවක් ලෙස පරිවර්තනය වන මෝටර් රථයක් පසුගිය දා ස්ලොවේකියා රාජ්‍යයේ දී දැඩි අධීක්ෂණය යටතේ පැවති පියසැරියකට සහභාගී වුණු අතර, එය සාර්ථක බව පැවැසිණි.

පැය 70 කට අධික කාලයක් තිස්සේ දැඩි අධීක්ෂණය යටතේ සිදුවුණු පියසැරි පරීක්ෂණ වලින් සමත් වී ආරක්‍ෂිත ගුවන් ගමනකට තම සමාගම නිපදවූ පියාඹන කාර් රථය සුදුසු යැයි සහතිකයක් ස්ලොවේකියා ගමනා ගමන අධිකාරියෙන් ලැබුණු බව ක්ලයින් විෂන් පවසා ඇත.

මෙම සහතිකයත් සමග වාණිජ වෙළඳපොලට පැමිණීමට පියාඹන කාර් රථයට හැකියාව ලැබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha