දෙයියනේ බිහිසුණු ලෙස තවත් ගුවන්යානයක් කඩා වැටෙයි, නියමුවා ඇතුළු 6ක් ජීවිතක්ෂයට[PHOTOS]
By Kaushi
කෙන්යාවේ වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් (Air Ambulance) කඩාවැටී සිදු වූ අනතුරකින් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා කරයි.
ඒ අනුව එරට අගනුවර වන නයිරෝබි අසල නේවාසික ප්‍රදේශයකට අඳාළ යානය කඩාවැටී ඇති බව සඳහන්.
වාර්තා වූ ආකාරයට එරට වේලාවෙන් ඊයේ (7) ප.ව. 2:17ට විල්සන් ගුවන්තොටුපොළෙන් පිටත්ව ඇති මධ්‍යම ප්‍රමාණයේ ජෙට් යානයක් වූ මෙය, සෝමාලිලන්තය බලා පියාසර කරමින් තිබිය දී ප.ව. 3ට පමණ කඩාවැටී තිබෙනවා.
මෙම බිහිසුණු අනතුර සිදුවන විට නියමුවා ඇතුළුව පුද්ගලයින් සිවුදෙනෙක් යානයේ සිට ඇති අතර ඔවුන් සියලු දෙනාටම අනතුරෙන් දිවි අහිමි වී ැති බව වාර්තා වේ.
එසේම සෙසු මියගිය දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ නේවාසික ප්‍රදේශයේ සිටි අය බව පවසයි.



