ඇමරිකාවේ කුඩා ගුවන් යානයක් නිවසකට කඩා වැටේ
By Shehan
ඇමරිකාවේ මිනසෝටා ප්‍රදේශයේදී කුඩා ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, අයෝවා සිට මිනසෝටා දෙසට පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානය මිනසෝටා අසලදී නිවසක් මතට වැටී සම්පූර්ණයෙන් ගිනි ගැනීමට ලක්ව ඇත.
ගුවන් යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව තවමත් තහවුරු වී නොමැති අතර, එරට බලධාරීන්ගේ අනුමානය වන්නේ මෙම අනතුරින් කිසිවෙකු දිවි ගලවා නොගත් බවයි.
අනතුරට හේතුව සොයා ගැනීම සඳහා එරට බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.