මගීන් රැසකගේ දිවි ගලවා ගත් ගුවන් නියමුවෝ..කැමරා කාචයේ සටහන් වූ ඇඟ කිලිපොලා යන අනතුර..(VIDEO)

accident British Hithro airport Critical weather
By Sewvandhi Feb 02, 2022 12:33 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බ්‍රිටිෂ් එයාර්වේස් යානයක් හීත්‍රෝ ගුවන් තොටුපළේ ධාවන පථය වෙත ගොඩබැස්සවීමට තැත් කිරීමත් සමග ඇතිවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට උත්සාහ කරන අයුරු දැක්වෙන බිහිසුණු වීඩියෝවක් පිලිබදව විදෙස් මාධ්‍ය වල වාර්තා කරනවා.

යානය ධාවන පථය වෙත ගොඩබැස්සවීමට තැත් කිරීමේදී වේගයකින් හමා එන සුළඟ නිසා යානය පාලනය කරගත නොහැකිව තිබෙනවා. මේ තත්වය තුල යානය ගොඩබැස්සවීමේදී අනතුරක් සිදුවන නිසා එම උත්සාහය නවතා දමා නැවත යානය ගුවන්ගතකර තිබෙනවා.

පසුව යානය නැවත ආරක්ෂිතව ගොඩ බැස්සවා තිබුන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“අපගේ නියමුවන් ආන්තික කාලගුණික තත්ත්වයන් ඇතුළු විවිධ අවස්ථා කළමනාකරණය කිරීමට ඉහළ පුහුණුවක් ලබා ඇති අතර අපගේ ගුවන් කාර්ය මණ්ඩලය යානය ආරක්ෂිතව ගොඩ බැස්සු වා ."බව බ්‍රිතාන්‍ය එයාර්වේස් ප්‍රකාශකයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha