අධ්‍යාපනයේ කරන්න යන වෙනස පිරිවෙන් අධ්‍යාපනයටත් කරන්න ප්ලෑන් කරන හරිනි
Ministry of Education
Harini Amarasuriya
Education
Latest Headlines
Sinhala news
By Kaushi
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් වර්තමාන අධ්‍යාපන ක්‍රම පරිවර්තනය පිරිවෙන් අධ්‍යාපනයට ගළපා ගැනීම ගැන සංවාදයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති නවක පරිවේණාචාර්ය හිමිවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයට එක්වෙමින්.
එම උත්සවය ඊයේ(30) දින පැවැත් වුණා.
එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇතුළු පාර්ශව කිහිපයක් අතර සාකච්ඡාවක් ද ඊයේ (30) දින පැවැත් වුණ බව වාර්තා වේ.
