මීට අවුරුදු 8කට කලින්නම් පොඩි දෙයක් රන්ජන් අයියා එක්ක මගේ තිබුණා-පියුමි හංසමාලි (PHOTOS)
අපේ රටේ කවුරුත් හදුනන සාමාජ මාධ්‍ය තුලින් නිතරම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ.
ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ඇයගේ අලුත්ම තොරතුරු ගැන පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මම හිතන්නේ කෙළින් කතා කරන විවෘතව කතා කරන කෙනෙක් හින්දා බොහෝ දෙනා මට ආදරය කරනවා ඇති. මට බණින අයත් මගේ දේවල් ෆලෝ කරනවා.
මාව මිලියන ගණන් රසිකයන් ආදරයෙන් පිළිගෙන තිබීම ගැන මට සතුටක් තිබෙන්නේ. ඒකට මම ආසයි. මම හිතන්නේ ජැකලීන්ට පස්සේ ඉන්ස්ටර්ග්‍රෑම් වල මම වෙන්නැති මෙතරම් රසික පිරිසක් එකතු කරගත් කෙනා.
මම මෑතක දි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ආරමභ කළෙත්. ඉතින් ඒ වගේම හැමෝම දන්නවා රන්ජන් රාමනායක අයියා ජනතාවට ගොඩාක් සේවය කරපු කෙනෙක් කියන්න. ඇත්තටම අද ඔහු හිරගෙදරක සිටිය යුතු පුද්ගලයෙක් නොවෙයි කියන දේ ලංකාවේ ගොඩක් අය දන්නවා. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා ජනාධිපතිතුමාට යැවූ ලිපියක් ෆේස්බුක්වල තිබුණා.
මම ලිපියක් යැව්වේ නම් නෑ. ඒක මම ඉල්ලීමක් විදිහට සමාජ මාධ්‍යවල පළ කළා, නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන් බොහොමයක් ජනාධිපතිතුමාට ලියුම් යවලා තිබුණා රන්ජන් අයියාව නිදහස් කරන්න කියලා.

ඉතින් මම කලාකරුවෙක් විදිහට මාත් මගේ ෆේස්බුක් එකේ සටහනක් තැබුවා ජනාධිපතිතුමාට රන්ජන් අයියා නිදහස් කරන්න කියලා. සිරකරුවන්ගේ දිනයත් පහුවුණා. ඒත් ඔහුට නිදහස ලැබුණේ නෑ. මම දන්නේ නෑ. ඉදිරියේ දී ලැබෙයි ද කියලා. පව්, එයා හිරගෙදරක ඉන්න ඕන කෙනෙක් නොවෙයි.
ඔහු හොඳ කලාකරුවෙක්. අපි හැමෝම එක්ක මිත්‍රත්වයෙන් කටයුතු කරන කෙනෙක්. අපේ හොඳ යාළුවෙක්. මීට අවුරුදු 8 කට කලින් නම් පොඩි දෙයක් රන්ජන් අයියා එක්ක මගේ තිබුණා. බොරු කියන්නේ මොකටද, දැන් එහෙම දෙයක් නම් නෑ.
දැන් හොඳ යාළුවෝ පමණයි. ඉතින් ඒ වගේම පහුගිය කාලේ හඬපට ලීක්වුණා. ඔය හඬපට නිසා මේ ක්ෂේත්රයේ නළු නිළියෝ බොහොමයක් අදටත් මාත් එක්ක තරහයි. එහෙම දෙයක් හිතේ තියාගෙන වෛර කර කර ඉඳලා මටවත් ඔහුටවත් වැඩක් නෑ. මොකද මම වෛරය හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නොවෙයි.
අදටත් රන්ජන් අයියා එක්ක ගොඩක් අය තරහයි. මේ වෙලාවේ බන්ධනාගාරයක සිරබත් කන ඔහුට වෛර කරන්න තරම් ජරා ගැහැණියක් නොවෙයි මම. එයාගේ හඩ පට නිසා ලොකු ඩැමේජ් එකක් වුණා. නැත්තේ නැහැ. ඒත් එහෙම වුණා කියලා මට නම් බෑ හොඳ වැඩේ කියන්න. ඉතිං මට පුළුවන් විදිහට ඔහු නිදහස් කරන්න දේවල් කරනවා.
මට ලොකු අතු අල්ලන්න හයියක් නෑ. ඔහු සුපර් ස්ටර් කෙනෙක්. මම පාසල් යන කාලයේ ඉඳලම ඔහුගේ රසිකාවියක්. ඉතිං මගේ යුතුකම තමයි මම ඉටුකළේ. ඉතින් ඒ වගේම සමහර ටෙලිනාට්‍යවල පවා ප්‍රධාන චරිතය දෙන්න මට එයත් එක්ක නිදාගන්න පුළුවන්ද අහලා තියෙනවා.
මේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරු, මම මොකටද එයාලත් එක්ක නිදාගෙන ප්‍රධාන චරිතය ගන්නේ. ජනප්‍රිය වෙන්න දෙයක් නෑ. ගොඩාක් මියුසික් වීඩියෝවලටත් අඬගහලා තිබෙනවා. ඉල්ලන මුදලට වඩා දෙගුණයක් දෙන්නම් ලිප් කිස් කරන්න. මට කෝටියක් දුන්නත් ඒවාට බැහැ.
මොකද අමාරුයි. ඒ හැගීම් කරන්න ඕනැ ආදරය කරන කෙනෙකුට පමණයි. කොහෙවත් ඉන්න නළුවෙකුට ලිප් කිස් කරන්න මට නම් බෑ සල්ලිවලට අනෙක් අයට පුළුවන් ඇති, මට බෑ කියලයි මේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනිය අවසාන වශයෙන් පවසලා තිබුනේ