රාස්සියක් වු සරාගී පියුමි හංසමාලී සමාජ මාධ්‍යය කළඹවයි..අලුත්ම වැඩේ මෙන්න (VIDEO / PHOTOS)
By Sewvandhi
පියුමි හංසමාලි කියන්නේ සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වෙන නිරූපණ ශිල්පිනියක්. ඇගේ ඇඳුම් විලාසිතාවන් සහ ඇය සමාජ මාධ්‍යයේ හැසිරෙන ආකාරය පිළිබඳව තමයි බොහෝ දෙනෙක් ඇය ගැන කතාවන්නේ.
කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් විදිහටත් පියුමිව හඳුන්වනවා. ඒ වගේම ඇය නිරූපණ ක්ෂේත්රයේ සිටින සරාගීම ශිල්පිනියක්. පියුමි හංසමාලි රංගනයෙන් දායක වුණු අළුත්ම ගීතය තමයි 'රාස්සි' කියන්නේ.
මේ ගීතය ගායනා කරන්නේ KASI සමග ශාමෙන් දන්ගමුව. මෙම ගීතයේ පද රචනය සාරංග කාංචන විසින් සිදු කර තිබෙන අතර සංගීතය ඉන්දිමාල් හේවාවිතාරණ විසින් සිදු කර තිබෙනවා. මෙම ගීතයේ පියුමි සමග නිරූපණයෙන් දායක වන්නේ ජනප්‍රිය නිරූපණ ශිල්පියෙක් වන විරාජ් පෙරේරායි.
එම ගීතය පහතින්...