ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රීම් අලෙවි කරන නිරූපිකාවගේ පෙම්වතා සූර් වී ගැබිණි මව සිටි මෝටර් රථය හප්පලා
කිරිබත්ගොඩ පොලිස් වසමේ වේවැල් දූව මාර්ගයේදී අද සුඛෝපභෝගී මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටීමෙන් දරුණු අනතුරක් සිදුවී තිබේ.
ඒ අනුව මෙලෙස අනතුරට ලක්වී ඇති අධි සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කර ඇත්තේ ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි නැමැති තැනැත්තියගේ පෙම්වතා බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
ඊයේ (06) දින මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම පුද්ගලයා බීමතින් සිට ඇති බවට පොලිස් විමර්ශනවල දී අනාවරණය වීමත් සමඟ ඔහුව කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු බීමත්ව සිටි සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ. ඔහුව එළඹෙන 09 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙනවා.
මේ අතර අනෙක් මෝටර් රථයේ සිටි ගර්භණී කාන්තාවක් අනතුරින් පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතිකර රෝහලට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කිරිබත්ගොඩ පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.