"අඩු වුන ඩොලරයේ වාසිය තවමත් නෑ.. ආනයනකරුවන් කිව්වත් ජංගම දුරකථන මිල අඩු කරන්න බෑ.." - ජංගම දුරකථන මිලට කුමක් වෙයි ද?.

iPhone Nokia Samsung Smart Phones Dollars
By krishani Jun 11, 2023 03:10 AM GMT
krishani

krishani

Report

ජංගම දුරකථන මිල 20% කින් අඩු කළ හැකි බවට ඇතැම් සංගම් පැවසුව ද එම සහනය මේ මොහොතේ පාරිභෝගිකයින්ට ලබාදීම අපහසු බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.

එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා ඊයේ (10) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, තමන් වැඩි මිලට මිල දී ගත් නිෂ්පාදන එලෙස අඩු මිලට පාරිභෝගිකයාට ලබාදිය නොහැකි බව යි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, තවමත් තමන්ට අඩු වූ ඩොලරයේ වාසිය හිමි වී නොමැති බවයි.

කෙසේවෙතත්, ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ජංගම දුරකථනවල මිල පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පෙරේදා (09) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ය.

එම සංගමයේ සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ, ජංගම දුරකථනවල මිල සියයට 20කින් පමණ පහළ යනු ඇති බව ය.

එහිදී වැඩිදුරටත් ඔහු කියා සිටියේ,

"හැමෝම දන්නවා දැන් ඩොලරය අඩුවෙලා තියෙනවා.ඉතින් අපි සියයට 20කින් ජංගම දුරකථන සහ ඒ හා සම්බන්ධ උපාංගවල මිල අඩුකරන්න තීරණය කළා.මොකද අපි ජනතාව පිටට බර දැම්මා වගේම තමයි, ජනතාවට දීපු බර ඩොලර් එක අඩුවෙද්දී අඩුකරන්න ඕන.එහෙම නැත්නම් ඒක අයථා ව්‍යාපාරයක් වෙනවා.යාපනයේ ඉඳලා මාතර දක්වා සැළකිය යුතු සාමාජිකයින් පිරිසක් ඉන්නවා.ඒ හැමෝම ඒකමතිකව තීරණය කරලා තියෙනවා මේ මිල අඩුකිරීමට."  යනුවෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join