පෙට්‍රල් ගැන මුලු රටටම සුබ ආරංචියක්.!!

Ceylon Petroleum Corporation Sri Lanka Sri Lanka Fuel Crisis
By Aruna Aug 12, 2022 03:56 AM GMT
Aruna

Aruna

Report

බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක් මෙට්‍රික් ටොන් 35,000 ක පෙට්‍රල් රැගත් තවත් නෞකාවක් ඊයේ (11) රාත්‍රියේ කොළඹ වරායට ළඟාවුණා.

නිව් ටෝල් වේ නැමති එම නෞකාවේ අඩංගු ඉන්ධන ගොඩබෑම අද ආරම්භ කරන බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.

මේ අතර, රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වනවිට යම් සහනයක් ලැබී ඇති බැවින් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලුම දිනයන් හි දී සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

මාලිගාවත්ත බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ බස්නාහිර පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි අනුව පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග කියා සිටියේ.

එමෙන්ම, මාර්ගගත ක්‍රමය ඔස්සේද ඊට පහසුකම් සළසා තිබෙනවා.

තවද, ජුනි 29 වැනිදා සිට කල්ඉකුත් වූ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා මේ මස 31 වැනිදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර තිබෙනවා.

මේ අතර, අද (12) සහ හෙට (13) දිනවල පැයක කාලයක් විදුලි කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now