පෙට්‍රල් 5000 ට සහ පොහොර 50000ට ඉහළ යන බවට ජනපති පාර්ශවයෙන් ප්‍රකාශයක්..

Report

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කිරීමට සඳහා සජිත් පේ‍්‍රමදාස, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා යන මහත්වරුන් රහසිගත කුමන්ත්‍රණයක් සිදු කර ඇතැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කර සිටිනවා.

මෙම පිරිස දවස් කීපයක් තිස්සේ හමුවී මෙම සාකච්ඡාව සිදුකර ඇති බවයි ඔහු කියා සිටින්නේ.

හෙට පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය රථ වාහන රියදුරන්ට විශේෂයි..පොලීසියෙන් දැනුම්දීමක්.

හෙට පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය රථ වාහන රියදුරන්ට විශේෂයි..පොලීසියෙන් දැනුම්දීමක්.


එහි අරමුණ වන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කර පොදු ජන පෙරමුණට විපක්ෂයේ බලය ලබා ගැනීම බවයි හෙතෙම කියා සිටින්නේ.

කෙසේ වෙතත් නැවත අත්හදා බැලීමේ අවස්ථාවක් මෙරටට නැති බවද පැවසූ ඔහු බැරිවෙලා හෝ ගැස්සී ගියහොත් පෙට‍්‍රල් ලීටරය රුපියල් පන්දහසකටත්(5000) පොහොර මිටියත් රුපියල් පනස්දහකටත්(50000) ඉහළ යනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

පොහොට්ටුව හදිසියේම නව තනතුරු රැසක් පත්කරයි..නාමල්ට හිමිවූ තැන මෙන්න.

පොහොට්ටුව හදිසියේම නව තනතුරු රැසක් පත්කරයි..නාමල්ට හිමිවූ තැන මෙන්න.


ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ, එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමින්.