පෙට‍්‍රල්-ඩීසල් ගැන අමුතුම කතාවක් එළියට එයි..භාවිතා කරන අය අවධානයෙන්..
සපුගස්කන්ද බොර තෙල් පිරිපහදුව යලි ආරම්භ කර අදට සති දෙකක කාලයක් ගත වුණද ඉන් මෙතෙක් ප්‍රමිතියෙන් යුත් ඩීසල් පෙට්‍රල් නිෂ්පාදනය නොවන බව ඉන්ධන වරාය විදුලිය සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරනවා.
ප‍්‍රමිතයෙන් තොර පිරිපහදු කිරීම සහ මාස දෙකහමාරක පමණ කාලයක් පිරිපහදුව වසා තැබීමෙන් පසු කාර්මික දෝෂ සකස් නොකර යලි ක‍්‍රියාත්මක කිරීම මත මෙම තත්වය ඇති වී තිබෙන බවත් සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.
මෙම කාර්මික දෝෂ සකස් නොකර කඩිමුඩියේ පිරිපහදුව ආරම්භ කිරීමත් මත ප්‍රමිතියෙන් යුතු ඩීසල් පෙට්‍රල් තවමත් නිෂ්පාදන නොවන බවද ඔහු පැවසීය.
ගත වූ දින කිහිපය තුළදී ප්‍රමිතියෙන් තොර පෙට‍්‍රල් ලීටර් ලක්ෂ හතරක් පමණ නිෂ්පාදනය වී ඇති බවද පැවසූ ඔහු මීට පෙර නිෂ්පාදනය වූ පෙට්‍රල් ලීටර් ලක්ෂ 96ක ප්‍රමාණයක් සමග මේ වන විට පෙට්‍රල් ලීටර් ලක්ෂ 100ක පමණ ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවද පැවසීය.
පිරිපහදුවේ ඇතිවී ඇති වී තිබෙන මෙම තත්වය මත පිරිපහදු කටයුතු නිසි ලෙස සිදු නොවීම නිසා බොරතෙල් ගොඩබෑමට ගබඩා පහසුකම් නොමැති බවත් මේ නිසා පසුගිය තිස් වනදා මෙරට මුහුදු සීමාවට පැමිණි බොරතෙල් නැව ගොඩ බා ගත නොහැකිව දිනකට ඩොලර් 150,000 බැගින් ප්‍රමාද ගාස්තු ගෙවමින් ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |