කැරම්බෝඩ් නඩුව ගැන ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක්ගෙන් පෙත්සමක්

Sri Lanka Politician Law and Order Court of Appeal of Sri Lanka Sinhala news Breaking News
By Kaushi Jul 21, 2025 11:01 AM GMT
Kaushi

Kaushi

Report

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතා ගොනුකර ඇති පෙත්සම කරුණු සලකා බැලීමට මෙම මස 28 වන දින කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) දින නියෝග කර තිබෙනවා.

අඳාළ පෙත්සමෙන් 2015 ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000ක් දේශපාලන අවශ්‍යතා මත මිලදී ගෙන එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම ඔස්සේ රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා තමන්ට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධි චෝදනා බල රහිත කරන මෙන් ඉල්ලා ඇත.

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

ඒ අනුව අඳාළ පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.

එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීමට එළඹෙන 28 වනදා කැඳවන ලෙස නියම කළ බව වාර්තා වේ.

එසේම නීතිඥ අමිල කුමාර මහතා මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම ඔස්සේ පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳව අල්ලස් කොමිසමෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබූ නඩුවකට අදාළව තමන්ව සාක්ෂිකරුවක් වශයෙන් නම්කර ඇති බවයි.

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

එමෙන්ම ඉන්පසු අඳාළ නඩුවට අදාළව තමන් මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් බවත් පෙත්සම්කරු පවසා ඇත.

එබැවින් පෙත්සම්කරු කියා ඇත්තේ එසේ තිබියදී මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ තමන්ව විත්තිකරුවෙක් ලෙස නම් කිරීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

මේ ලග්න හිමි ඔබට අද වෙන්න යනදේ හිතාගන්නවත් බැරි වෙයි

එනිසා තමන්ට විරුද්ධව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති චෝදනා බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ. 

පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටී බිහිසුණු අනතුරක්

පුහුණු ගුවන් යානයක් පාසලකට කඩා වැටී බිහිසුණු අනතුරක්

ReeCha