පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

person online registration appointment identity card
By Sewvandhi Jul 02, 2021 09:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවා ජූලි 5 වැනිදා සිට නැවත විවෘත කිරීමට තීරණය කළ බව කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

කළින් අමතා දිනයක් හා අංකයක් වෙන්කර ගන්නා ලද සීමිත අයදුම් කරුවන් සඳහා පමණක් මෙම සේවාවන් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල හැඳුනුම්පත් අංශයට යොමු වී තම දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාලවල දුරකථන අංක මගින් දිනයන් වෙන් කරවා ගැනීම අනිවාර්ය වන බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එසේම මේ වන විට ඉල්ලුම්පත් යොමු කර ඇති පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලියාපදිංචි තැපෑල හරහා යොමු කිරීමට නියමිත බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා පහත දැක්වෙන දුරකථන අංක අමතා දිනයක් සහ අංකයක් වෙන්කර ගත යුතු වනවා.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය – 01152261126 / 0115226100

දකුණු පළාත් කාර්යාලය – 0912228348

වයඹ පළාත් කාර්යාලය – 0375554337

උතුරු පළාත් කාර්යාලය – 02422272201

නැගෙනහිර පළාත් කාර්යාලය – 0652229449


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha