'ඒහි පස්සිකෝ' සාම පාද යාත්‍රාව අද කැලණියට

Report

'ඒහි පස්සිකෝ' සාම පාද යාත්‍රාවේ හයවන දිනය අද (27) යක්කල අබේසේකරාරාමය අසලින් ආරම්භ වීමට නියමිතයි.

අද දිනයේදී මෙම පාද යාත්‍රාව කැලණිය රජමහා විහාරය දක්වා ගමන් කරනු ඇතැයි සංවිධායකයින් සඳහන් කරයි.

හෙට (28) දින කැලණිය රජමහා විහාරයේදී පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ. එමෙන්ම, අනතුරුව පාද යාත්‍රාව කැලණිය විහාරයෙන් නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.

එදින 'ඒහි පස්සිකෝ' සාම පා ගමනට අදාළ රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පාද යාත්‍රාව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේගේ සහභාගීත්වයෙන් පසුගිය 21 වන දින දඹුල්ල රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කර තිබේ.

අද දවසේ වාසනාවන්තම ලග්න 5 මෙන්න - ඔබත් ඒ අතර ඉන්නවාද?

අද දවසේ වාසනාවන්තම ලග්න 5 මෙන්න - ඔබත් ඒ අතර ඉන්නවාද?

මත්ද්‍රව්‍ය එක්ක කොටුවුණ හාමුදුරුවරු 22 ගැන ඥානසාර හිමි කියූ දේ

මත්ද්‍රව්‍ය එක්ක කොටුවුණ හාමුදුරුවරු 22 ගැන ඥානසාර හිමි කියූ දේ