දුම්රිය දෙපාර්තමේන්තුවේ රහස් එළියට - වසර 5කදී දුම්රිය පීලි පැනීම් 585ක්

Report

2020 සිට 2024 දක්වා වසර පහක කාලය තුළ දුම්රිය පීලි පැනීම් 585ක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය වී ඇත.

එම වාර්තාවට අනුව, මෙම කාලය තුළ දුම්රිය මැදිරි වෙන්වීම්13ක් සහ ගැටීම් 62ක්ද වාර්තා වී ඇත. තවද දුම්රිය හරස්මාර්ග අනතුරු 385ක් සිදුව ඇති අතර, ඒවා හේතුවෙන් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් 105 දෙනෙකු තුවාල ලබා තිබේ.

වෙරළබඩ මගීන්ට සුබ පුවතක් - පීලි පැනීමට ලක්වූ 'සාගරිකා' යළි වැඩ..

වෙරළබඩ මගීන්ට සුබ පුවතක් - පීලි පැනීමට ලක්වූ 'සාගරිකා' යළි වැඩ..

මුදල් රෙගුලාසි 104 අනුව සටහන් වූ අනතුරු 572ක් සම්බන්ධයෙන් වසර 1 සිට 4 දක්වා කාලයක් ගතව තිබුණද, පරීක්ෂණ අවසන් කර ඇත්තේ අනතුරු 88ක් සඳහා පමණක් බවද වාර්තාව පෙන්වා දෙයි. එම අනතුරු වලින් සිදු වූ අලාභය රුපියල් 20,456,009ක් ලෙස තක්සේරු කර ඇත.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, විමර්ශන නිලධාරීන්ගේ අධික පුරප්පාඩු හේතුවෙන් පීලි පැනීම්, මැදිරි වෙන්වීම්, ගැටීම් සහ අනතුරු පිළිබඳ මූලික විමර්ශන කටයුතු ප්‍රමාද වී ඇති බවයි.

මෙම තත්ත්වය දුම්රිය ආරක්ෂාව පිළිබඳ ගැටලු සහ පද්ධතිමය දුර්වලතා පිළිබඳ අවධානය යොමු කරවන බව විගණන වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළට

ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළට

මැයි පළමුවැනිදා සිට මත්පැන් මිල ඉහළට

මැයි පළමුවැනිදා සිට මත්පැන් මිල ඉහළට