කෝටි 110ක මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සිවුරුධාරීන් 22කට වැඩ වරදී - දින 7ක රැඳවුම් නියෝග
By R.rishma
රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් ‘කුෂ්’ සහ ‘හෑෂ්’ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හිදී අත්අඩංගුවට ගත් වීවරධාරීන් 22 දෙනා දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කර ඇත.
සුභානි අබේසේකර මහත්මිය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදීය.
පොලිස් වාර්තා අනුව, මෙම සැකකරුවන් සතුව තිබී විශාල වටිනාකමකින් යුත් ‘කුෂ්’ සහ ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති අතර, මෙය සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධ ජාත්‍යන්තර ජාලයක කොටසක් විය හැකි බවට සැක පළ වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර, මෙම ජාලයේ සම්බන්ධතා පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින බවද වාර්තා වේ.