එළියට යනවා නම් කුඩයක් අරන් යන්න - අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න

Report

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00ට පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරුමැද පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවන තද වැසි ලැබිය හැකි බව දැනුම් දෙයි.

එමෙන්ම මධ්‍යම හා සබරගමුව පළාත්වලත්, අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් තත්ත්වයන් පවතින හැකියාවක් ද පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද දවසේ වාසනාවන්තම ලග්න 5 මෙන්න - ඔබත් ඒ අතර ඉන්නවාද?

අද දවසේ වාසනාවන්තම ලග්න 5 මෙන්න - ඔබත් ඒ අතර ඉන්නවාද?

පැරදුණොත් වැටුප් කැපෙයි - දිනුවොත් කෝටි ගණන් බෝනස්

පැරදුණොත් වැටුප් කැපෙයි - දිනුවොත් කෝටි ගණන් බෝනස්