වෙරළබඩ මගීන්ට සුබ පුවතක් - පීලි පැනීමට ලක්වූ 'සාගරිකා' යළි වැඩ..
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, “සාගරිකා” දුම්රිය අද(27) සඳුදා දිනයේ සිට නැවත සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.
පසුගියදා එම දුම්රිය පීලි පැනීමට ලක්වූ අතර, සිදු කළ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, කිසිදු බාධාවකින් තොරව ධාවනය ආරම්භ කිරීමට හැකි වූ බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, මගීන්ට නැවතත් “සාගරිකා” දුම්රිය සේවය භාවිතා කළ හැකි බවද නිවේදනය කර ඇත.