ලෝක වෙළඳපොළේ ගෑස් මිල පහළට
මැදපෙරදිග කලාපයේ පවතින යුද ආතතීන් හේතුවෙන් අද (26) ගෝලීය බලශක්ති වෙළඳපොළේ තෙල් හා ස්වාභාවික ගෑස් මිල ගණන්හි සැලකිය යුතු උච්චාවචනයක් වාර්තා වී ඇත.
ජාත්‍යන්තර වෙළඳපොළ දත්ත අනුව, ලොව පුරා ප්‍රධාන මිල මිනුම් ලෙස සැලකෙන බ්‍රෙන්ඩ් බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 105.3 දක්වා ඉහළ ගොස් තිබේ. මැදපෙරදිග දේශපාලන අස්ථාවරත්වය මෙම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.
එමෙන්ම, WTI බොර තෙල් (බටහිර ටෙක්සාස් අතරමැදි) බොරතෙල් බැරලයක මිල ඩොලර් 94.40 දක්වා පහත වැටීමක්ද වාර්තා වී ඇත.
එකම දිනය තුළ තෙල් වර්ග දෙකක මෙවැනි විරුද්ධ දිශාවන්ට යන මිල වෙනස්වීම් වෙළඳපොළ ආයෝජකයන් අතර අවධානය දිනාගෙන ඇත.
මේ අතර, ස්වාභාවික ගෑස් වෙළඳපොළද පහළ යාමක් දක්වා ඇති අතර, මිල ඩොලර් 2.523 ක පමණ අඩුවක් වාර්තා වී තිබේ.
මැදපෙරදිග යුද තත්ත්වය තවත් උග්‍ර වුවහොත් ගෝලීය සැපයුම් දාමයන්ට බාධා ඇති විය හැකි බවත්, එය ඉදිරි දිනවල ජාත්‍යන්තර ප්‍රවාහන හා නිෂ්පාදන අංශයන්ට සෘජු බලපෑම් ඇති කළ හැකි බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.