අධිබලැති විදුලි රැහැනක ගැටුණු පුද්ගලයා - අතිශය සංවේදී දර්ශන සහිතයි (VIDEO)

GALLE KARANDHENIYA
By Sewvandhi Nov 29, 2021 01:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පුද්ගලයෙකු අධිබලැති විදුලි රැහැනක ගැටීමෙන් අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් අප වෙත ලැබී තිබේ. අදාළ අනතුර ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සිදුවූවක් බවට තොරතුරු වාර්තා වෙයි.

ඉදිකරමින් පවතින එම ගොඩනැගිල්ලේ සේවයේ නිරත අයෙකු මෙලෙස අනතුරට ලක්ව තිබේ. බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල්ගතකර ඇත.

ගොඩනැගිල්ලේ තුන්වන මහල වෙත කම්බියක් රැගෙන යාමට උත්සාහ ගැනීමේදී ඔහු මෙලෙස විදුලි සැර වැදීමෙන් අනතුරට ලක්ව ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් කරන්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

අනතුර සිදුවූ අවස්ථාවේ දර්ශන පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW