ඩෙංගු මර්දන‍යට ස්ථීර තනතුරු 671 ක්

Report

ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පුහුණු මානව සම්පත් වර්ධනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් පවතී.

ඒ වරින් වර මෙරටින් මතුවන ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සඳහා දැඩි අවධානයක් ලබා දෙමින්.

නවසීලන්ත 85KG රග්බි පිල ශ්‍රී ලංකාවට

නවසීලන්ත 85KG රග්බි පිල ශ්‍රී ලංකාවට

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන මෙතෙක් දීර්ඝ කාලයක් සේවය කළ ඩෙංගු මර්දන සහයකයින් ස්ථීර තනතුරට බඳවා ගැනීමට කටයුතු කරයි.

ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පසුගිය 26 - 27 යන දෙදින තුළ පවත්වා ඇත.

සම්මුඛ පරීක්ෂණයට අයදුම්කරුවන් 660 කට අධික පිරිසක් සහභාගි වී තිබෙනවා.

අපරාධයකින් මුදල් උපයන්න හැදුවොත් වැඩ වරදී ...

අපරාධයකින් මුදල් උපයන්න හැදුවොත් වැඩ වරදී ...

2017 – 2018 යන වසරවල දී කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගෙන ඇති මෙම සේවක පිරිසේ කොන්ත්‍රාත් කාලය වරින් වර දීර්ඝ කරමින් මේ දක්වා සේවාවන් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත්තේ සුදුසුකම් සපුරන අයදුම්කරුවන්ට ඉදිරි මාසය තුළ ස්ථීර පත්වීම් ලබා දීමටයි.